Ultimate magazine theme for WordPress.

Watch : රගුවන්ෂි ගහපු අරුම පුදුම හයේ පහර

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී අලංකාර හයේ පහරක් එල්ල කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරු Angkrish Raghuvanshi අද(3) සමත් වුණා.

විසාකාපට්නම් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කොල්කටා ඉනිමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි Raghuvanshi පන්දු 27 කින් ලකුණු 54 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් සමගින්.

රසික් සලාම් යොමු කළ කොල්කටා ඉනිමේ 11 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවටයි Raghuvanshi විසින් මෙම සුවිශේෂී හයේ පහර එල්ල කළේ.(දර්ශන පහතින්)

Leave a comment