Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : පැපුවා නිව් ගිනියා සංචිතය ප්‍රකාශයට පත් කරයි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පැපුවා නිව් ගිනියා සංචිතය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 15ක් සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

Assadollah Vala ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

2021 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ පැපුවා නිව් ගිනියා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 10 දෙනෙකු මෙම සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

පැපුවා නිව් ගිනියාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි දෙවැනිදා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Papua New Guinea squad:

Assadollah Vala (c), CJ Amini (vc), Alei Nao, Chad Soper, Hila Vare, Hiri Hiri, Jack Gardner, John Kariko, Kabua Vagi Morea, Kipling Doriga, Lega Siaka, Norman Vanua, Sema Kamea, Sese Bau, Tony Ura

Leave a comment