Ultimate magazine theme for WordPress.

කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඒ ඒ කාණ්ඩවලට ඇතුළත් වන සියලු කණ්ඩායම් මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒ, තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අබුඩාබි හී දී අවසන් වීමත් සමගයි.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයට ද, අනුශූරතාවය දිනූ ස්කොට්ලන්තය B කාණ්ඩයට ද ඇතුළත්.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

  • Group A: Australia, India, New Zealand, Pakistan, Sri Lanka
  • Group B: South Africa, England, West Indies, Bangladesh, Scotland

කාන්තා විස්සයි 20 ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 4 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වායි. ඩකා හී දි හා සිල්හෙට්හී දී තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට තරග 23 ක් ඇතුළත් අතර, අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 17 හා 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

Fixtures

  • October 3: England v South Africa, Dhaka
  • October 3: Bangladesh v Scotland, Dhaka
  • October 4: Australia v Sri Lanka, Sylhet
  • October 4: India v New Zealand, Sylhet
  • October 5: South Africa v West Indies, Dhaka
  • October 5: Bangladesh v England, Dhaka
  • October 6: New Zealand v Sri Lanka, Sylhet
  • October 6: India v Pakistan, Sylhet
  • October 7: West Indies v Scotland, Dhaka
  • October 8: Australia v Pakistan, Sylhet
  • October 9: Bangladesh v West Indies, Dhaka
  • October 9: India v Sri Lanka, Sylhet
  • October 10: South Africa v Scotland, Dhaka
  • October 11: Australia v New Zealand, Sylhet
  • October 11: Pakistan v Sri Lanka, Sylhet
  • October 12: England v West Indies, Dhaka
  • October 12: Bangladesh v South Africa, Dhaka
  • October 13: Pakistan v New Zealand, Sylhet
  • October 13: India v Australia, Sylhet
  • October 14: England v Scotland, Dhaka
  • October 17: First semi-final, Sylhet
  • October 18: Second semi-final, Dhaka
  • October 20: Final, Dhaka
Leave a comment