Ultimate magazine theme for WordPress.

තහනම් වූ සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනාට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට අවසර

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Wessly Madhevere ට හා Brandon Mavuta ට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට එරට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබී තිබෙනවා.

ඒ, ඔවුන් තහනම් මත්ද්‍රව්‍යක් (recreational drug) ලබා ගත් බවට සනාථ වීමෙන් අනතුරුව ඔවුන්ට පැනවුණු මාස හතරක තහනම් කාලය මේ වන විට අවසන්ව තිබීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනාගේ තහනම් කාලය අවසන් වීමෙන් පසුව ද මත්ද්‍රව්‍යක් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එම වෛද්‍ය වාර්තාවල කිසිදු ගැටලුවක් තිබී නොමැති බව සදහන්.

ක්‍රිකට් තහනමට අමතරව ජනවාරි මාසයේ සිට මාස තුනක කාලයක් සදහා ඔවුන්ගේ වැටුපට 50%ක දඩ මුදලක් පැනවීමට ද සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

ඔවුන්ගේ පුනරුත්තාපන ක්‍රියාවලියේ කොටසක් ලෙස Madhevere හට හා Mavuta හට සිම්බාබ්වේ ක්‍රිකට් ඉහළ කාර්යය සාධන වැඩසටහන යටතේ පුහුණුවීම් සිදු කිරීමට ද නියම කර තිබුණා.

Leave a comment