Ultimate magazine theme for WordPress.

සන්දීප් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ; ෆේබියන් ඇලන් මහනුවර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා..

ඒ, කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදයක් ඔස්සේයි සිදු කෙරෙමින් පවතින්නේ.

International Ruby කාණ්ඩය හා Sri Lankan Ruby කාණ්ඩය යටතට අයත් ක්‍රීඩකයින් මෙන්ම International Sapphire හා Sri Lankan Sapphire යන කාණ්ඩවල ක්‍රීඩකයින් රැසක් ද කෙටුම්පත් කිරීමට පෙරම කණ්ඩායම් පහ විසින් මිලදී ගෙන තිබූ අතර, ඒ පිළිබද තොරතුරු අප මීට පෙර වාර්තා කළා.

එලෙස කෙටුම්පත් කිරීමට පෙර මිලදී ගත් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී මේ වන විට තවත් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මිලදී ගැනීමට ද කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.

ඒ පහත සදහන් ආකාරයටයි –

  • Shoaib Malik – Pre-Drafted by Jaffna Kings – International Diamond ‘A’ – USD 40k
  • Naveen Ul haq – Pre-Drafted by Colombo Stars – International Diamond ‘B’ – USD 25k.
  • Fabian Allen – Kandy Falcon – International Sapphire – USD 50K
  • Sandeep Lamichhane picked by Dambulla Giants – International Diamond – USD 40k
  • Andre Fletcher drafted by Kandy Falcons – International Diamond ”Á’ – USD 40k
  • Dominic Drakes drafted by Colombo stars – International Diamond ‘A’ – USD 40K
  • Niroshan Dickwella – Pre-Drafted by Colombo Stars – Sri Lankan Diamond ‘A’ – USD 40K
  • Chaturanga de Silva – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘A’ – USD 40K
  • Kusal Mendis – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘A’ – USD 40K
  • Maheesh Theekshana – Pre-Drafted by Jaffna Kings – Sri Lankan Diamond ‘A’ – USD 40K

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කර තිබෙනවා.

එල් පී එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment