Ultimate magazine theme for WordPress.

ලකුණු බින්දුවකට කඩුලු 7ක් දවා ගනිමින් රොහ්මාලියාගෙන් නව ලෝක වාර්තාවක්

ඉන්දුනීසියානු දග පන්දු යවන ක්‍රීඩිකාවක වන 17 හැවිරිදි Rohmalia Rohmalia නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවක් ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වමින්.

බාලි හී දී මොන්ගෝලියාව සමග පැවැති පස්වැනි විස්සයි 20 තරගයේ දී ඇය ලකුණු බින්දුවකට කඩුලු 7 ක් දවා ගනිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

ඇය පන්දුවාර 3.2 ක් යොමු කරමින් එම කඩුලු 7 දවා ගත්තේ නිලකුණු පන්දුවාර 3 ක් පිට පිට යොමු කරමින්.

මෙම තරගය Rohmalia Rohmalia ක්‍රීඩා කළ සිය මංගල ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

ඇයට පෙර කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කර තිබුණේ නෙදර්ලන්තයේ Frederique Overdijk විසින්. ඇය විසින් 2021 වසරේ දී ප්‍රංශයට එරෙහිව ලකුණු 3 කට කඩුලු 7 ක් දවා ගෙන තිබුණා.

Rohmalia Rohmalia ඉතිහාසගත වුණේ විස්සයි 20 ජාත්‍යන්තර කාන්තා තරගයකදී කඩුලු 7ක් දවා ගත් ලොව තෙවැනි ක්‍රීඩිකාව ලෙසයි.

Leave a comment