Ultimate magazine theme for WordPress.

කාන්තා T20 ලෝක කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු හා තරග කාලසටහන අද(5) ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩකා හී දි හා සිල්හෙට්හී දි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට තරග 23 ක් ඇතුළත් අතර, අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 17 හා 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

  • Group A: Australia, India, New Zealand, Pakistan, Qualifier 1
  • Group B: South Africa, England, West Indies, Bangladesh, Qualifier 2

සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් පූර්ව වටයේ තරග සදහා හා අවසන් මහා තරගය සදහා අතිරේක දින ද ලබා දී ති‍බෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දිනවලදී ලෝක කුසලාන තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතර, අද දිනයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයෙන් ඔවුන් ජයගතහොත් ශ්‍රී ලංකාව ද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Fixtures

  • October 3: England v South Africa, Dhaka
  • October 3: Bangladesh v Qualifier 2, Dhaka
  • October 4: Australia v Qualifier 1, Sylhet
  • October 4: India v New Zealand, Sylhet
  • October 5: South Africa v West Indies, Dhaka
  • October 5: Bangladesh v England, Dhaka
  • October 6: New Zealand v Qualifier 1, Sylhet
  • October 6: India v Pakistan, Sylhet
  • October 7: West Indies v Qualifier 2, Dhaka
  • October 8: Australia v Pakistan, Sylhet
  • October 9: Bangladesh v West Indies, Dhaka
  • October 9: India v Qualifier 1, Sylhet
  • October 10: South Africa v Qualifier 2, Dhaka
  • October 11: Australia v New Zealand, Sylhet
  • October 11: Pakistan v Qualifier 1, Sylhet
  • October 12: England v West Indies, Dhaka
  • October 12: Bangladesh v South Africa, Dhaka
  • October 13: Pakistan v New Zealand, Sylhet
  • October 13: India v Australia, Sylhet
  • October 14: England v Qualifier 2, Dhaka
  • October 17: First semi-final, Sylhet
  • October 18: Second semi-final, Dhaka
  • October 20: Final, Dhaka
Leave a comment