Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ තානාපතිවරයෙකු ලෙස යුවරාජ් සිං පත් කෙරේ

2024 අයි.සී.සී පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං පත් කර තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීම සදහා තවත් දින 36 ක් පමණක් ඉතිරිව ඇති පසුබිමක මෙම නම් කිරීම සිදු කර ඇති අතර, ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් හා ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජැමයිකාවේ උසේන් බෝල්ට් ද සන්නාම තානාපතිවරු ලෙස නම් කිරීමටයි අයි.සී.සීය පියවර ගත්තේ.

2007 වසරේ පැවැති පළමු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කරමින් ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගත් යුවරාජ් මෙවර විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සදහා එක්වීමට නියමිතව තිබෙනවා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි දෙවැනිදා) සිට 29 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.

2007 වසරේ දී ඉන්දියාව සමග ලෝක විස්සයි 20 ශූරතාවය ද දිනා ගත් යුවරාජ් මෙවර තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කර තිබෙනවා.

“Some of my fondest cricketing memories have come from playing at the T20 World Cup, including hitting six sixes in an over, so it’s very exciting to be part of this edition, which is set to be the biggest one yet.

“The West Indies is a great place to play cricket with the fans coming to watch creating a vibe that is completely unique to that part of the world, while cricket is also expanding in the USA and I’m excited to be part of that growth through the T20 World Cup.

“India’s clash against Pakistan in New York is going to be one of the biggest sporting fixtures in the world this year, so it’s a privilege to be a part of and to witness the best players in the world playing in a new stadium.”

Leave a comment