Ultimate magazine theme for WordPress.

හ්රිදෝයි හා සයිෆුදීන් බංග්ලාදේශයට තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Match Report

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(7) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

ෆරාස් අක්‍රම් නොදැවී ලකුණු 34 (19) ක් රැස් කළ අතර, Tadiwanashe Marumani ලකුණු 31 (26) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් සයිෆුදීන් ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලුවා. රිෂාද් හොසේන් ලකුණු 38 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් තව්හිද් හ්රිදෝයි පන්දු 38 කින් ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත්. ජේකර් අලී ලකුණු 44(34) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට තරග 3-0 ක් ලෙස බංග්ලාදේශය විස්සයි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Leave a comment