Ultimate magazine theme for WordPress.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඇරඹේ – International Ruby හා Sri Lankan Ruby කාණ්ඩයේ ක්‍රීඩකයින් අලෙවි වී ඇති අයුරු

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදයක් ඔස්සේයි සිදු කෙරෙමින් පවතින්නේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට වට 20ක් ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ පළමු වටය International Ruby කාණ්ඩය යටතට අයත් ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහායි යෙදී තිබුණේ.

එහි එක් ක්‍රීඩකයෙකුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 60,000ක්.

පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද තරගාවලියේ සංවිධායකයින් විසින් ලබා දී තිබුණා.

ඒ අනුව International Ruby කාණ්ඩය හා Sri Lankan Ruby කාණ්ඩය යටතට අයත් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම කණ්ඩායම් විසින් මිලදී ගෙන ඇත්තේ පහත සදහන් ආකාරයටයි.

  • Dwaine Pretorius Pre-Drafted by Colombo Stars – International Ruby – USD 60K
  • D’Archy Short Pre-Drafted by Dambulla Giants – International Ruby – USD 60K
  • Imad Wasim Pre-Drafted by Galle Gladiators – International Ruby – USD 60K
  • Evin Lewis Pre-Drafted by Jaffna Kings – International Ruby – USD 60K
  • Carlos Brathwaite Pre-Drafted by Kandy Falcons – International Ruby – USD 60K
  • Angelo Mathews Pre-Drafted by Colombo Starts – Sri Lankan Ruby- USD 60K
  • Dasun Shanaka Pre-Drafted by Dambulla Giants – Sri Lankan Ruby – USD 60K
  • Danushka Gunathilaka Pre-Drafted by Galle Gladiators – Sri Lankan Ruby – USD 60K
  • Thisara Perera Pre-Drafted by Jaffna Kings – Sri Lankan Ruby – USD 60K
  • Wanindu Hasaranga Pre-Drafted by Kandy Falcons – Sri Lankan Ruby – USD 60 K

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment