Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින තරග දෙක සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සහන් ආරච්චිගේ.

නුවනිදු ප්‍රනාන්දු උප නායකයා ලෙස නම් කර ඇති සංචිතයට චාමික කරුණාරත්න හා නිශාන් මදුෂ්ක ද ඇතුළත්.

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 5ක් හා එක් සිව්දින තරගයක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අප්‍රේල් 28, 30, මැයි 3, 5 හා 7 යන දිනවලදී හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිව්දින තරගය මැයි 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

The Squad

01) Sahan Arachchige – Captain
02) Nuwanidu Fernando – Vice Captain
03) Lahiru Udara
04) Nishan Madushka
05) Kamil Mishara
06) Pavan Rathnayake
07)Chamika Karunaratne
08) Dushan Hemantha
09)Chamika Gunasekera
10) Mohamed Shiraz
11) Wanuja Sahan
12) Minod Bhanuka
13) Ahan Wickramasinghe
14) Nimesh Vimukthi

Leave a comment