Ultimate magazine theme for WordPress.

International Sapphire හා Sri Lankan Sapphire කාණ්ඩවල ක්‍රීඩකයින් මිලදී ගෙන ඇති අයුරු මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට අතථ්‍ය (Virtual) ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙමින් පවතිනවා.

International Ruby කාණ්ඩය හා Sri Lankan Ruby කාණ්ඩය යටතට අයත් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම කණ්ඩායම් විසින් මිලදී ගෙන තිබූ පරිදිම International Sapphire හා Sri Lankan Sapphire යන කාණ්ඩවල ක්‍රීඩකයින් රැසක් ද කෙටුම්පත් කිරීමට පෙරම කණ්ඩායම් පහ විසින් මිලදී ගෙන තිබෙනවා.

ඒ පහත සදහන් ආකාරයටයි –

Asif Ali – Pre-Drafted by Colombo Starts – International Sapphire – USD 50K

Ben Cutting – Pre-Drafted by Dambulla Giants – International Sapphire – USD 50K

Faheem Asraf – Pre-Drafted by Galle Gladiators – International Sapphire – USD 50K

Hardus Viljoen – Pre-Drafted by Jaffna Kings – International Sapphire – USD 50K

Charith Asalanka – Pre-Drafted by Colombo Starts – Sri Lankan Sapphire – USD 50k

Bhanuka Rajapaksa – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Sapphire – USD 50k

Dushmantha Chameera – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Sapphire – USD 50K

Dhananjaya de Silva – Pre-Drafted by Jaffna Kings – Sri Lankan Sapphire – USD 50K

Chamika Karunaratne – Pre-Drafted by Kandy Falcons – Sri Lankan Sapphire – USD 50K

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කර ඇති අතර, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment