Ultimate magazine theme for WordPress.

ශූරතාවය දිනන්න නෙදර්ලන්තයට 234 ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් ශූරතාවය දිනා ගැනීම සදහා නෙදර්ලන්තයට ලකුණු 234ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 47.5 ක් අවසානයේ ලකුණු 233කට දැවී යාමත් සමගයි.

ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර ලකුණු 19 කටත්, නිස්සංක ලකුණු 23 කටත් දැවී ගියා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා සහන් ආරච්චිගේ තෙවැනි කඩුල්ල සදහා ලකුණු 72 (77) ක සම්බන්ධතාවයක් ද, සහන් ආරච්චිගේ හා චරිත් අසලංක සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 64 (75) ක සම්බන්ධතාවයක් ද ගොඩ නමින් ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාම වෙනුවෙන් පදනම සකස් කළා.

මෙන්ඩිස් ලකුණු 43 ක් ද, සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ සහන් ලකුණු 57 ක් ද රැස් කළා. අසලංක දුවද්දී දැවී ගියේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සහන් ආරච්චිගේ මුළු ලකුණු පුවරුව ලකුණු 180 ක් ලෙස සටහන්ව තිබියදී දැවී යාමත් සමග ලකුණු 10 ක් තුළ කඩුලු 4 ක් දැවී යාම විශේෂත්වයක්.

අනතුරුව වනිදු හසරංග ලකුණු 29 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 13 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Logan van Beek, Ryan Klein, Vikramjit Singh හා Saqib Zulfiqar කඩුලු 2 බැගින් බිද හෙලුවා

තරගය සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක්ව සිටින දිමුත් කරුණාරත්න මෙන්ම දුෂාන් හේමන්ත වෙනුවට ධනංජය ද සිල්වා හා වනිදු හසරංග කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

නෙදර්ලන්ත ක්‍රීඩක බැස් ද ලීඩා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් අද තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

Leave a comment