Ultimate magazine theme for WordPress.

ලහිරු කුමාර ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා මිෂාරගේ 66* මහනුවරට ජය ගෙනෙයි

Match Report

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඊයේ(23) පැවැති තරගයෙන් කඩුලු අටකින් පරාජයට පත් වූයේ ගාල්ල කණ්ඩායමයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ශෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 66 ක් ලබා ගත් නමුත්, නම් දැරූ කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු තුනක් හා චාමික ගුණසේකර කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 23.2 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කමිල් මිෂාර නොදැවී ලකුණු 66(64) ක් රැස් කළ අතර, චමෝද් සදරු නොදැවී ලකුණු 33 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 30 කට දැවී ගියා.

Leave a comment