Ultimate magazine theme for WordPress.

දෙවැනි 20යි 20 තහවුරුයි; ඉන්දීය සංචිතයට අමතර ක්‍රීඩකයින් 5ක් ඇතුළත් කෙරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(28) රාත්‍රී 8ට නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කෘනාල් පාන්ඩ්යා හැරුණු විට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීම හේතුවෙන්.

අද දිනයේ දී ද ඉන්දීය ක්‍රීඩකයින් සදහා වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් වූ ක්‍රීඩකයින් 8 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින් ඔවුන්ට අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ඉන්දීය කණ්ඩායම සුපුරුදු පරිදි ශිකර් ධවාන් විසින් මෙහෙයවීමට නියමිතව ඇති අතර, ඉන්දීය සංචිතය සදහා තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය සදහා එක්ව සිටි දැල් පන්දු යවන්නන් වන Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh යන ක්‍රීඩකයින් එලෙස ප්‍රධාන සංචිතයට කැදවා ඇති බව සදහන්.

Leave a comment