Ultimate magazine theme for WordPress.

සිම්බාව්වේ T20 සංචිතය නම් කෙරේ – හිටපු නායකයාගේ පුතාත් සංචිතයට

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතතය සදහා Tadiwanashe Marumani හා Faraz Akram යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සික්නඩ රාසා නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

හිටපු නායක Alistair Campbellගේ පුත්, මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Johnathan Campbell ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

සංචිතයෙන් ඉවත් කර ඇත්තේ Tinashe Kamunhukamwe, Milton Shumba, Carl Mumba හා Tony Munyonga යන ක්‍රීඩකයින්.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය මැයි 3 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Sikandar Raza (C), Faraz Akram, Brian Bennett, Ryan Burl, Johnathan Campbell, Craig Ervine, Joylord Gumbie, Luke Jongwe, Clive Madande, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Ainsley Ndlovu, Richard Ngarava, Sean Williams

Leave a comment