Ultimate magazine theme for WordPress.

රිස්වාන් හා ඉර්ෆාන් T20 සංචිතයෙන් ඉවත් කරයි

මොහමඩ් රිස්වාන් හා ඉර්ෆාන් ඛාන් නියාසිට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව එම ක්‍රීඩකයින් දෙදෙනාව අවසන් තරග දෙකෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී රිස්වාන් පිතිකරණයේ නිරතව සිටියදී පාදයක ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට ලකුණු 22 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ආබාධය හේතුවෙන් මොහමඩ් රිස්වාන්ට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

ඉර්ෆාන් ඛාන් ද පාදයක සුළු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුව තරගාවලියෙන් ඉවත් කර ඇති බව සදහන්.

මීට පෙර අසාම් ඛාන් ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් කෙරුණා. ඔහු වෙනුවට හසීබුල්ලාහ් සංචිතයට ආදේශ කෙරුණු නමුත්, රිස්වාන් හා ඉර්ෆාන් වෙනුවට වෙනත් ක්‍රීඩක ආදේශක කිරීමක් සිදු කළ බවට මෙතෙක් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි 20 තරගය අද ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි. මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Leave a comment