Ultimate magazine theme for WordPress.

තායිලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලෙන් ජයග්‍රාහී ආරම්භයක්

Match Report

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, තායිලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්තයට පන්දුවාර 16.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

තායිලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කළේ Nannapat Koncharoenkai පමණයි. ඇය ලකුණු 18 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, උදේශිකා ප්‍රබෝදනී ලකුණු 10 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා හා නිලක්ෂිකා සිල්වා (නොදැවී) ලකුණු 29 බැගින් රැස් කළා.

චමරි අතපත්තු ලකුණු 16 කට දුවද්දී දැවී ගිය අතර, විශ්මි ගුණරත්න හා අනුෂ්කා සංජීවනී (නොදැවී) ලකුණු 13 බැගින් ලබා ගත්තා.

Leave a comment