Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා තරගයේ සිට යොදා ගන්න නිව් යෝර්ක් ක්‍රීඩාංගනයට ඔස්ට්‍රේලියාවෙන් රැගෙන ආ තණතීරු

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 37 ක කාලයක් පමණයි.

ජූනි දෙවැනි වැනිදා සිට පැවැත්වෙන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා මේ වන විටත් ඇමෙරිකාවේ ක්‍රීඩාංගන 3ක් ලහි ලහියේ සූදානම් කරමින් පවතින අතර, ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් නිව් යෝර්ක් නුවර Eisenhower Park ක්‍රීඩාංගනයට හිමි වනවා.

විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය සදහා අවශ්‍ය තණතීරු ඔස්ට්‍රේලියාවේ සිට රැගෙන ඒමට පියවර ගෙන තිබීමයි.

එමෙන්ම ක්‍රීඩාංගනය සකස් කිරීමේ වැඩකටයුතු මැයි මස අගදී අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ අනුව ලෝක කුසලානය ආරම්භ වන්නේ මෙම ක්‍රීඩාංගනයේ දී කිසිදු ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමකින් තොරවයි.

මෙවර ලෝක කුසලානය යටතේ නිව් යෝර්ක් නුවර Eisenhower Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි 3 වැනිදා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතරයි.

තරගාවලියේ මූලික වටයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී ජූනි 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග 16 ක් ඇමෙරිකාවේ දී පැවැත්වෙන අතර, අනෙක් තරග 39 බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි. නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන සමස්ත තරග සංඛ්‍යාව 8ක්.

මෙම ක්‍රීඩාංගනය සදහා යොදා ගන්නා තණතීරු රැගෙන එනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සිටයි. ඒ අනුව නැව් මාර්ගයෙන් ෆ්ලොරිඩා වෙත ළගා වී එතැන් සිට නිව් යෝර්ක් ක්‍රීඩාංගනය වෙත ගොඩබිමෙන් මෙම තණතිරු රැගෙන යාම සිදු වූ අතර, එහිදී එම තණතීරු ප්‍රවාහනය කර තිබූ සමස්ත දුර කිලෝ මීටර් 22,530 ක්.

මෙම ක්‍රියාවලියේ ප්‍රධාන වගකීමක් පැවරී ඇත්තේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු Damian Hough හටයි.

“ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පහරවල් එල්ල කළ හැකි වේගය සහ ස්ථාවර ඉපිලීමක් ඇති තණතීරු නිෂ්පාදනය කිරීම අපගේ අරමුණයි” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Damian Hough සදහන් කළා.

Leave a comment