Ultimate magazine theme for WordPress.

කොරෝනා නිසා අවසන් 20යි 20 තරග දෙක අහිමි වන ඉන්දීය ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලංකාව සමග අද(28) පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් වූ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අහිමි වනු ඇති බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ, සමීප ආශ්‍රිතයින් ද නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින්.

කෙසේ වෙතත්, අදාළ ක්‍රීඩකයින් කවුරුන් ද යන්න මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණ නොමැතිව ඉදිරි තරග දෙක ක්‍රීඩා කිරීම සැබවින්ම ඉන්දීය කණ්ඩායමට ප්‍රබල ගැටලුවක් වනු නොඅනුමානයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එම ක්‍රීඩකයින් අතරට පසුගිය තරග කිහිපයේ දී කණ්ඩායමේ ප්‍රධාන වගකීම් දැරූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිටිනවා.

ඒ අනුව කෘනාල් පාන්ඩ්යාගේ සහෝදරයා වන හර්ඩික් පාන්ඩ්යා, ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් යන ක්‍රීඩකයින්ට අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ඉෂාන් කිෂන්, කේ. ගොව්තම්, දෙව්දත් පඩික්කල් යන ක්‍රීඩකයින් ද මෙම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

තවත් ක්‍රීඩකයෙකු ද කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හදුනා ගෙන ඇති නමුත්, ඔහුගේ නම මෙතෙක් අනාවරණය වී නැහැ.

ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් එංගලන්තයේ දී ඉන්දීය ටෙස්ට් සංචිතය සමග ඉදිරියේ දී එක්වීමට නියමිතව ඇති පසුබිමකයි ඔවුන්ට මේ වන විට නිරෝධායනයට ලක් වීමට සිදුව ඇත්තේ.

Leave a comment