Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රබල ශ්‍රී ලංකා A සංචිතයක් නම් කෙරේ

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ශ්‍රී ලංකා A සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(3) නිවේදනය කළා.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

නිශාන් මදුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුෂංක හා ලක්ෂාන් සදකැන් වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 3 ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය ජූනි 4 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

එක්දින තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, සිව්දින තරගාවලිය දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා A සංචිතය –

1.) Lasith Croospulle
2.) Nishan Madushka (WK)
3.) Nuwanidu Fernando
4.) Nipun Dhananjaya – Captain
5.) Ashen Bandara
6.) Sahan Arachchige
7.) Lahiru Udara
8.) Dunith Wellalage
9.) Janith Liyanage
10.) Milan Ratnayake
11.) Pramod Madushan
12.) Dilshan Madushanka
13.) Isitha Wijesundera
14.) Lakshan Sandakan
15.) Nimesh Vimukthi

Leave a comment