Ultimate magazine theme for WordPress.

අත්හිටුවූ ඉන්දු – එංගලන්ත 5 වැනි ටෙස්ට් තරගය ලබන වසරේ ජූලි මාසයේ දී

අත්හිටුවීමට සිදු වූ එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(22) නිවේදනය කළා.

දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේ (තරග 5කින් යුත්) අවසන් තරගය පසුගිය මාසයේ දී මැන්චෙස්ටර් හී දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, ඉන්දීය සංචිතය තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමත් සමග එම තරගය අත්හිටුවීමට තීරණය කෙරුණා.

ඒ අනුව අත්හිටුවූ පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන වසරේ ජූලි පළමු වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ කිරීමටයි එංගලන්ත හා ඉන්දීය ක්‍රිකට් ආයතන තීරණය කර ඇත්තේ.

ටෙස්ට් තරගාවලියේ පළමු තරග 4 අවසන් වන විට ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටියා.

අවසන් ටෙස්ට් තරගය ද ජූලි මාසයේ දී පැවැත්වෙන බැවින් මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු 2022 වසරට අදාළ ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහනෙහි ද සංශෝදනයක් සිදුව තිබෙනවා.

අදාළ සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

ඒ අනුව මීට පෙර සැලසුම් කළ දිනට වඩා දින 6ක ප්‍රමාදයකින් යුතුව අදාළ තරගාවලි ආරම්භ වනු ඇති.

20යි 20 තරගාවලිය ජූලි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූලි 12 වැනිදා ද ආරම්භ වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය අද සදහන් කළේ.

ඉන්දීය ටෙස්ට් තරගය හේතුවෙන් සංශෝදනය කෙරුණු එංගලන්ත ගිම්හාන තරග වාරයට අයත් තරග කාලසටහන –

Revised Dates and venues –

Rescheduled 5th Test v India: Edgbaston – 1 – 5 July

Vitality IT20 Series v India

1st Vitality IT20: Ageas Bowl – 7 July
2nd Vitality IT20: Edgbaston – 9 July
3rd Vitality IT20: Trent Bridge – 10 July

Royal London Series v India

1st Royal London ODI: Kia Oval – 12 July
2nd Royal London ODI: Lord’s – 14 July
3rd Royal London ODI: Emirates Old Trafford – 17 July

2nd Test v South Africa: Emirates Old Trafford – 25-29 August

Leave a comment