Ultimate magazine theme for WordPress.

ක්‍රිස් ලින් සිය කොණ්ඩය ඔහුම කපා ගෙන ද ?

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(19) අලුයම බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සහ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

මෙම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළේ බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමයි.

මෙම තරගයට එක් වූ ශාන්ත කිට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින් සම්බන්ධයෙන් එක් අවස්ථාවක බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු වුණා.

ඒ ඔහුගේ නව කොණ්ඩා විලාසිතාව හේතුවෙන්.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු හුදෙකලා කිරීමේ කාලසමයේ දී තමන් විසින්ම තමන්ගේ කොණ්ඩය කපා ගනිමින් තමන්ට අභිමත පරිදි කොණ්ඩා විලාසිතාවන් බොහෝ දෙනෙකු සිදු කරගන්නට ඇති.

ඉතිං ක්‍රිස් ලින් කියන්නේත් එහෙමෙ කෙනෙක් වෙන්න ඇති කියලයි සමහරුනම් මෙම විලාසිතාවට හාස්‍යමුසු කරමින් සදහන් කර සිටියේ.

ක්‍රිස් ලින්ගේ නව කොණ්ඩා විලාසිතාව පහත වීඩියෝවෙන් නරඹන්න –

Leave a comment