Ultimate magazine theme for WordPress.

Watch : ෆෆ් ඩු ප්ලෙසිස් ස්කූප් පහරකින් ගහපු අලංකාර හයේ පහර

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ දී අලංකාර ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් අද(29) සමත් වුණා.

බැංගලූරුහී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලූරු කණ්ඩායමට ලබා දුන්නා.

බැංගලූරු ඉනිමේ දෙවැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවටයි හර්ෂිත් රානාට එරෙහිව ඩු ප්ලෙසිස් විසින් මෙම අලංකාර හයේ පහර එල්ල කළේ.

Leave a comment