Ultimate magazine theme for WordPress.

Watch : මුම්බායි කණ්ඩායමේම ක්‍රීඩකයෙකු නිසා ඉෂාන් කිෂන් මුහුණ දුන් අවාසනාවන්ත අනතුර

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(26) රාත්‍රියේ ආරම්භ වූ අවසන් වටයේ තෙවැනි තරගයේ දී (Qualifier 2) අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂන්ට සිදු වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිලේ ප්‍රතිවාදීන් වූ ටයිටන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 233 ක් රැස් කළා.

ෂුබ්මන් ගිල් පන්දු 60 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ටයිටන්ස් ඉනිම අතරවාරයේ දී ඉෂාන් කිෂන් ආබාධයකට ලක් වුණේ ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ජෝර්ඩන්ගේ වැලමිට කිෂන්ගේ මුහුණේ වැදීම හේතුවෙන්.

ආබාධය නිසා ඉෂාන් කිෂාන් මුම්බායි ඉනිම ආරම්භ කිරීමට ද පිටියට පිවිසියේ නැහැ. අනතුරුව කිෂාන් වෙනුවට විශ්නු විනෝද් කණ්ඩායමට ආදේශ කිරීමට ද (concussion sub) පියවර ගැණුනා.

අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Leave a comment