Ultimate magazine theme for WordPress.

“සුපර් මෑන් !” මනීෂ් පාන්ඩේ රැක ගත් සුපිරි උඩ පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු සෑම වසරකදීම සුපිරි උඩ පන්දු රැක ගැනීම් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙන තරගාවලියක් බව අමුතුවෙන් සදහන් කළ යුතු නැහැ.

පසුගිය වසරේ දී ද එවැනි සුපිරි උඩ පන්දු රැසක්ම ක්‍රීඩකයින් විසින් රැක ගත් අයුරු ඔබට මතක ඇති.

මෙවර තරගාවලියේ දී ද එවැනි සුපිරි උඩ පන්දු රැක ගැනීමක් අද දිනයේ දී දැක බලා ගැනීමේ අවස්ථාව රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට හිමි වූයේ සන්රයිසස් හයිදරාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමේ ඉෂාන් කිිෂාන්ගේ කඩුල්ල දවා ගැනීම සදහා මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ හයිදරාබාද් පිලේ මනීෂ් පාන්ඩේ විසින්.

ඒ, ලෝන්ග් ඕන් කලාපයේ සිටයි.

ඊට අදාළ දර්ශන මෙතනින් නරඹන්න

Leave a comment