Ultimate magazine theme for WordPress.

T10 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් තවත් විදෙස් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම් ගතව තිබෙනවා.

අද පස්වරුවේ ආරම්භ වන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔවුන් මෙලෙස ගිවිසුම් ගතව ඇත්තේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන එංගලන්තයේ ටොම් කොහ්ලර් කැඩ්මෝර් සමගයි.

ඊයේ(4) නිමා වූ අබුඩාබි T10 තරඟාවලියේ දී පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට 27 හැවිරිදි ඔහු සමත් වුණා.

පන්දු 39කදී ලකුණු 96ක් වාර්තා කරමින් T10 ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට ඔහු මෙවර තරගාවලියේ දී සමත් වීම විශේෂත්වයක්.

අවසන් මහා තරඟයේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ටොම් කොහ්ලර් කැඩ්මෝර් පන්දු 28 කින් නොදැවී ලකුණු 59ක් රැස් කළා.

මේ අතර, අබුඩාබි T10 ලීග් තරගාවලියට එක්ව සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත වනිදු හසරංග හා වහබ් රියාස් ද අද දිනයේ දී දිවයිනට පැමිණියා.

Leave a comment