Ultimate magazine theme for WordPress.

LPL ක්‍රීඩක වෙන්දේසිය 19 වැනිදා තෙක් කල් දැමේ

හෙට(9) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player Draft) යළි කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

ඒ අනුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ලබන 19 වනදා සිදු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමට නියමිතයි.

මීට පෙර ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු පසුගිය පළමු වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, පසුව එය හෙට දිනය දක්වා කල් දැමුණා.

එල්.පී.එල් තරගාවලිය ද නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද , එය ද නොවැම්බර් 21 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Leave a comment