Ultimate magazine theme for WordPress.

IPL 2022 : මෙවර තරග වාරයේ මෙතෙක් වැඩිම කඩුලුලාභීන් 10 දෙනා

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 47ක් මේ වන විට පවත්වා අවසන්.

මූලික වටය යටතේ තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තරග 23ක් පමණයි.

මූලික වටයේ දී තරග 70ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, 70 වැනි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදායි.

අනතුරුව අවසන් වටයේ තරග 24 වැනිදා කොල්කටා හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ තරග 47ක් අවසන්ව ඇති අද දිනය වන විට මෙවර තරග වාරයේ වැඩිම කඩුලුලාභින් පිළිබද ඔබව දැනුවත් කිරීමට අප තීරණය කළා.

විශේෂයෙන්ම මෙම ලැයිස්තුව වෙත බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ ද අවධානය යොමුව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද මෙම තරගාවලියේ දී පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වීම හේතුවෙන්.

එක් අවස්ථාවක 2022 අයි.පී.එල් තරග වාරයේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ ද පසු වූ වනිදු මේ වන විට එම ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයින් පස් දෙනා අතර තවදුරටත් රැදී සිටිනවා.

තරග 6කදී කඩුලු 8ක් දවා ගෙන ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ 27 වැනි ස්ථානයේත්, තරග 8කදී කඩුලු 8ක් බිද හෙලා ඇති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 30 වැනි ස්ථානයේත් පසුවනවා.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 10 දෙනා – (47 වැනි තරගය අවසන් වීමෙන් පසුව)

  1. යුස්වේන්ද්‍ර චෙහල් (RR) : තරග 10යි – කඩුලු 19යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 7.27
  2. කුල්දීප් යාදව් (DC) : තරග 9යි – කඩුලු 17යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.23
  3. ටී නටරාජන් (SRH) : තරග 9යි – කඩුලු 17යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.65
  4. උමේෂ් යාදව් (KKR) : තරග 10යි – කඩුලු 15යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 7.15
  5. වනිදු හසරංග (RCB) : තරග 10 – කඩුලු 15යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.02
  6. උම්රාන් මලික් (SRH) : තරග 9යි – කඩුලු 15යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.44
  7. මොහොමඩ් ෂාමි (GT) : තරග 9යි – කඩුලු 14යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 7.77
  8. ඩ්වේයන් බ්‍රාවෝ (CSK) : තරග 8යි – කඩුලු 14යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.73
  9. කාගිසෝ රබාඩා (PBKS) : තරග 8යි – කඩුලු 13යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 8.27
  10. රාහුල් චහාර් (PBKS) : තරග 9යි – කඩුලු 12යි – පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 7.58
Leave a comment