Ultimate magazine theme for WordPress.

IPL 2020 : M 11 – විලියම්සන්ට අද අවස්ථාවක් හිමි වේද? Preview

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්වූ දිල්ලි කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් මෙම තරගය සදහා ද ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයකට ලක් වූ ඉෂාන්ට් ෂර්මාගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

තරගාවලියේ කිසිදු තරගයක් මෙතෙක් ක්‍රීඩා නොකළ කේන් විලියම්සන් මෙම තරගයේ දී හයිදරාබාද් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගැනීමට ඇතැම් විට ඉඩ පවතිනවා.

දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

Leave a comment