Ultimate magazine theme for WordPress.

IPL තරග පැවැත්වෙන ආකෘතියේ වෙනසක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සදහා නගර පහක ක්‍රීඩාංගන යොදා ගැනීම සම්බන්යෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව චෙන්නායි, කොල්කටා, අහ්මදාබාද්, බැංගලෝර් සහ දිල්ලි යන ක්‍රීඩාංගන පිළිබද මේ වන විට අවධානය යොමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි නගරය ද යොදා ගැනීම සදහා ප්‍රාන්ත රජය සමග තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

මුම්බායිහි ක්‍රීඩාංගන 4කදී පමණක් තරග පැවැත්වීම පිළිබද මීට පෙර අවධානය යොමුව තිබූ නමුත්, මුම්බායි නුවර මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එය සිදු කිරීම අපහසු වී තිබෙනවා.

මේ අතර, මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන ආකෘතියේ වෙනසක් ද සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව සියලු කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වීමට ඉඩ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a comment