Ultimate magazine theme for WordPress.

Watch : 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදාගේ කඩුලු 5 හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Match Report

14 හැවිරිදි චමෝදි ප්‍රබෝදාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ යොවුන් කාන්තා එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9)  එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 226 ක්.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 58 ක් රැස් කළ අතර, සංජනා කාවින්දි හා සුමුදු නිසංසලා ලකුණු 27 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Amu Surenkuma, Sophia Smale හා Charis Pavely කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

Jodi Grewcock ලකුණු 26 කටත්, Amu Surenkuma ලකුණු 25 කටත් දැවී ගියා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා පන්දුවාර 9.3 ක් තුළ කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 42 ක් ලබා දෙමින්. දෙව්මි විහන්ගා ලකුණු 43 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Leave a comment