Ultimate magazine theme for WordPress.

0ට දැවී ගොස් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පිට පිට 4 වැනි වරටත් අද(14) ලකුණු නොලබා දැවී ගියා.

ඒ, එංගලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමගයි.(දර්ශන පහතින්)

ඒ අනුව ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක් වුණේ.

මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.

අංක 1 සිට 6 දක්වා වන පිතිකරුවන් අතරින් ටෙස්ට් තරගවලදී අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කළ සිව්වන පිතිකරුවා බවට ද කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක් වුණා.

මීට පෙර අංක 1 සිට 6 දක්වා වන ටෙස්ට් පිතිකරුවන් අතරින් පහත සදහන් පිතිකරුවන් අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කර තිබුණා. –

Pankaj Roy (IND) 1952 vs England
Lawrie Miller (NZ) 1953-54 vs South Africa
Mark Waugh (AUS) 1992 vs Sri Lanka

Leave a comment