Ultimate magazine theme for WordPress.

ෆර්ගසන් වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

ආබාධයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග හෙට(25) ආරම්භ වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් වෙනුවට ක්‍රීඩක ආදේශක කිරීමක් සිදු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වමත් වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ලිස්ටර් පළමු තරගය සදහා නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු මීට පෙර දෙවැනි හා තෙවැනි එක්දින තරග සදහා පමණක් නම් කර තිබූ අතර, මෙම ආදේශ කිරීමත් සමග ඔහු සමස්ත තරගාවලිය සදහාම නවසීලන්ත සංචිතය සමග රැදී සිටීමට නියමිතයි.

දකුණු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි පළමු එක්දින තරගයෙන් ඉවත් වීමට ෆර්ගසන්ට සිදු වුණේ.

ඊයේ (23) දිනයේ දී ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී තිබූ අතර, එහිදී ලොකී ෆර්ගසන් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බව තහවුරු වී තිබුණා.

ෆර්ගසන් ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගය සදහා පමණක් නම් කර තිබූ අතර, එම තරගයෙන් අනතුරුව ඔහු සංචිතයෙන් ඉවත් වී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව යාමටයි නියමිතව තිබුණේ.

NZ ODI squad:

Tom Latham (c), Finn Allen (1st ODI only), Tom Blundell, Chad Bowes, Mark Chapman (2nd & 3rd ODIs only), Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls (2nd & 3rd ODIs only), Glenn Phillips (1st ODI only), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Rachin Ravindra

SL ODI squad:

Dasun Shanaka (c), Pathum Nissanka, Nuwanidu Fernando, Kusal Mendis (Wk & vc) , Angelo Mathews, Charith Asalanka, Sadeera Samarawickrama, Dhananjaya De Silva, Sahan Arachchige, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Dilshan Madushanka, Chamika Karunaratne, Matheesha Pathirana

Leave a comment