Ultimate magazine theme for WordPress.

හේල්ස් සහ ප්ලන්කට් පුහුණු සංචිතයෙන් ඉවතට

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සදහා වන ක්‍රීඩකයින් 55 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට් සහ ජෝ ක්ලාක් වැනි ක්‍රීඩකයින් නම් කර නැහැ.

පන්දු යවන්නන් 18 දෙනෙකු පසුගිය සතියේ දී පෞද්ගලිකව පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ ප්‍රධාන වශයෙන් ටෙස්ට් තරග පිළිබද අවධානය යොමු කරමින්.

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 37 දෙනෙකු ද මේ වන විට පුහුණුවීම් කටයුතු සදහා නම් කර ඇති බව සදහන්.

ඊට මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති ක්‍රීඩකයින් වන James Bracey, Brydon Carse, Will Jacks, Tom Kohler-Cadmore සහ Dan Lawrence වැනි ක්‍රීඩකයින් ද නම් කර තිබීම විශේෂත්වයක්.

Leave a comment