Ultimate magazine theme for WordPress.

නයිට් රයිඩර්ස් වේග පන්දු යවන්නාට තරග තහනමක් පනවයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට එරෙහිව තරග තහනමක් පනවා තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග ඊයේ(29) පැවැති තරගයේ දී අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙනුයි ඔහුට එරෙහිව මෙලෙස එක් තරගයක තහනමක් හා තරග ගාස්තුවෙන් 100% ක දඩ මුදලක් පනවා ඇත්තේ.

පනවා ඇති තහනම හේතුවෙන් හර්ෂිත් රානාට ලබන 3 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මෙම තහනමට නිශ්චිත හේතුව කුමක්දැයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර නැහැ.

කැපිටල්ස් කණ්ඩායමේ අභිෂේක් පොරෙල් දවා ගැනීමෙන් පසුව එය විනය විරෝධී ලෙස සැමරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී ඔහු විසින් විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව සදහන්.

මීට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති තරගයකදී ද විනය නීති කඩ කිරීම හේතුවෙන් හර්ෂිත් රානාට එරෙහිව තරග ගාස්තුවෙන් 60% ක දඩ මුදලක් පනවනු ලැබුවා.

Leave a comment