Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : ආචර් කැදවමින් එංගලන්ත සංචිතය නිවේදනය කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන එංගලන්ත මූලික සංචිතය නිවේදනය කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ලෝක විස්සයි 20 ශූර එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

දකුණු වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ලෝක කුසලාන සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. ආචර් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේ දී යි.

මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි ද සංචිතටය ඇතුළත්.

පසුගියදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් ඉතිහාසයේ පස්වැනි වේගවත්ම ශතකය වාර්තා කළ විල් ජැක්ස් ද ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.

ක්‍රිස් ජෝර්ඩන් යළි සංචිතයට කැදවා ඇති නමුත්, ක්‍රිස් වෝක්ස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

මැයි 22 වැනිදා පාකිස්තානය සමග එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත තරග 4කින් යුත් විස්සයි 20 තරගාවලිය සදහා ද මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම ක්‍රීඩා කරන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ. මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් ද එම තරගාවලියට පෙර එංගලන්තය වෙත පැමිණෙනු ඇති.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ස්කොට්ලන්තයට එරෙහිව බාර්බඩෝස් හී දී ජූනි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නම් කර ඇති සංචිතවලට වෙනස්කම් සිදු කිරීමට සියලු රටවල්වලට මැයි 25 වැනිදා දක්වා අවස්ථාව පවතින අතර, ඉන් අනතුරුව වෙනස්කම් සිදු කරන්නේනම් ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

England squad:

Jos Buttler (c), Moeen Ali, Jofra Archer, Jonathan Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett, Tom Hartley, Will Jacks, Chris Jordan, Liam Livingstone, Adil Rashid, Phil Salt, Reece Topley, Mark Wood

Leave a comment