Ultimate magazine theme for WordPress.

Watch : නුවන් තුෂාර බිද හෙලූ සිය මංගල IPL කඩුල්ල

සිය මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(30) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 48 වැනි තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවයි.

ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

ලක්නව් පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරය යොමු කළේ නුවන් තුෂාර විසින්. ඔහු එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී අර්ෂින් කුල්කාර්නි ලකුණු නොලබා සිටියදී දවා ගනිමින් සිය මංගල අයි.පී.එල් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Leave a comment