Ultimate magazine theme for WordPress.

සුළු වැරැදි නිසා අවසන් පූර්ව වටය අහිමි වුණා : දසුන් ශානක

Post Match Press Conference

ඇතැම් තීරණ ගැනීමේ දී සිදු වූ සුළු වැරැදීම් හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ 35 වන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙවර තරගාවලියට වඩා දිගු ගමනක් යාමට අපේක්ෂා කරන බවයි දසුන් කියා සිටියේ.

මේ අතර, කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඉදිරියේ දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බව ද ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

මීට පෙර බිනුර ප්‍රනාන්දු ගොදුරු වූ පාදයේ ආබාධ තත්ත්වයටම ඔහු යළිත් මුහුණ දී ඇති බවයි දසුන් කියා සිටියේ.

දර්ශන පහතින් –

Leave a comment