Ultimate magazine theme for WordPress.

ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි PCR වාර්තාව නිකුත් වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු සදහා කොවිඩ් 19 සම්බන්ධයෙන් සිදු කෙරුණු තෙවැනි PCR පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු නොවන බවටයි නවතම පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

බංග්ලාදේශය සමග පැවැති පළමු එක්දින තරගයට පෙර ඔහු ඇතුළු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

කෙසේ වෙතත්, පසුව සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයේ දී තහවුරු වුණේ චමින්ද වාස්ට සහ ඉසුරු උදානට වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

ඊයේ(26) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සදහා ශිරාන් ප්‍රනාන්දු සහභාගී වී සිටියේ නැහැ.

මේ වන විටත් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇති අතර, හෙට පැවැත්වෙන අවසන් තරගයට ශ්‍රී ලංකාව තරග වදින්නේ පූර්ණ තරගාවලි පරාජයකින් ගැළවීමේ අරමුණින්.

 

Leave a comment