Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරු බංග්ලාදේශයට

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ධූරයට එංගලන්තයේ ජෝන් ලුවිස් පත් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉවත් වූ ක්‍රෙයිග් මැක්මිලන් වෙනුවටයි.

ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් ක්‍රෙයිග් මැක්මිලන් පිතිකරණ උපදේශක ධූරයට පත් කර තිබුණේ නෙයිල් මැකෙන්සි වසර දෙකක සේවා කාලයකින් පසුව ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිය පියාගේ අභාවය නිසා අදාළ ධූරයේ කටයුතු නොකිරීමට ක්‍රෙයිග් මැක්මිලන් පසුව තීරණය කළා.

ඉදිරියේ දී ජෝන් ලුවිස් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් ඩකා නුවරට පැමිණීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

Leave a comment