Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 218කට සීමා වෙයි

2022 යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(14) බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ආරම්භ වුණා.

තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම අතර ගයානාහී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 218ක් (පළමුව එය ලකුණු 209ක් ලෙසයි ප්‍රකාශයට පත් කර තිබුණේ) පමණයි.

ඉනිමේ ‍දෙවැනි කඩුල්ල ලකුණු 60දී බිද වැටුණු නමුත්, අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමක් සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 99ක් ලෙස සටහන් වන විට කඩුලු 6ක් දැවී ගොස් තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ලකුණු 77ක සබදතාවයක් ගොඩ නැගීමට රවීන් ද සිල්වා හා සකුන නිදර්ශන ලියනගේ සමත් වුණා.

නිදර්ශන ලියනගේ ලකුණු 85ක් රැස් කළේ පන්දු 85කින්. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත්. රවීන් ලකුණු 30කට දැවී ගියා.

චමිදු වික්‍රමසිංහ ලකුණු 28ක් හා සධීෂ රාජපක්ෂ ලකුණු 24ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මුල් පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Sean Fischer-Keogh කඩුලු 3ක් බිද හෙලූ අතර, Jack Jarvis හා Oliver Davidson කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment