Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා පන්දුයන්නන් දෙදෙනෙකුට චෙන්නායි කණ්ඩායමෙන් කැදවීමක්

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් දෙදෙනෙකුට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුවිම් සදහා සහභාගී වන ලෙසට එම කණ්ඩායම විසින් ආරාධනාවක් සිදු කර තිබෙනවා.

මහේෂ් තීක්ෂණ සහ පතීෂ පතිරණ යන ක්‍රීඩකයින්ට මෙලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා නිමා වූ අබුඩාබි T 10 ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්ව තිබුණා.

අවසන් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ මහේෂ් තීක්ෂණයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 9 වනදා චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

ALSO READ : IPL තරග කාලසටහන නිවේදනය කෙරේ

ඒ සදහා චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරි දිනකදී පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව සදහන්.

 

Leave a comment