Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තෙදින පුහුණු තරගයකට, සිව්දින ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හෙට(14) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජෙහාන් මුබාරක් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කළමණාකරු ලෙස ජයන්ත සෙනවිරත්න මහතා මෙම තරග සංචාරයේ දී කටයුතු කරනවා.

තරග සංචාරය අරඹමින් ලබන 16 වැනිදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘Young Lions International XI’ කණ්ඩායමට එරෙහිව තෙදින පුහුණු තරගයකට Loughborough හී දී එක්වීමට නියමිතයි.

අනතුරුව පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ලබන මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සංචිතය –

  1. Abhishek Liyanarachchi – D.S. Senanayake College – Colombo (DISTRICT)
  2. Pawan Pathiraja – Trinity College – Kandy
  3. Ranuda Somarathne – Trinity College – Kandy
  4. Sadeesha Rajapaksa – Royal College – Colombo
  5. Shevon Daniel – St. Joseph’s College – Colombo
  6. Anjala Bandara – Mahanama College – Colombo
  7. Lahiru Dewatage – St. Peter’s College – Colombo
  8. Raveen De Silva – Captain Nalanda – College Colombo
  9. Wanuja Sahan Kumara – St. Peter’s College – Colombo
  10. Vinuja Ranpul – Nalanda College – Colombo
  11. Malsha Tharupathi – Richmond College – Galle
  12. Duvindu Ranatunga – Mahanama College – Colombo
  13. Sahan Mihira – St. John’s College, Panadura – Colombo
  14. Dulaj Samuditha – Rajapaksa Central College, Weeraketiya – Hambantota
  15. Traveen Mathew – St. Anthony’s College – Kandy
  16. Hasitha Amarasinghe – St. Servatius College – Matara
  17. Caniston Gunaratnam – St. Thomas College. Mt. Lavinia – Colombo
  18. Asitha Wanninayake – St. Anthony’s College – Kandy

Support Staff.

  • Manager – Jayantha Seneviratne.
  • Head Coach – Jehan Mubarak
  • Assistant & Bowling Coach – Chamila Gamage
  • Fielding Coach – Gayan Wijekoon
  • Trainer – Buddhika Herath
  • Physiotherapist – Priyantha Wickramasinghe.
  • Jagath Senaratne – Representative – Department of Education
Leave a comment