Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක – කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු හා අප්‍රේල් මාසවලදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළා.

මෙම තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරග සංචාරයේ දී පැවැත්වෙන එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.

විස්සයි 20 තරගාවලිය එළඹෙන 27, 30 හා අප්‍රේල් තෙවැනිදා පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලියේ තරග අප්‍රේල් 9, 13 හා 17 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment