Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව සමග දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දියාවේ අවධානය

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයට අයත් ටෙස්ට් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස රෝස පන්දුවෙන් පැවැත්වීම සම්බන්යෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

බැංගලූරු හී දී එම තරගය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මෙම මස අවසානයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

තරග සංචාරය ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණත්, මේ වන විට එය 20යි 20 තරගාවලියෙන් ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කරමින් පවතින්නේ.

කණ්ඩායම් දෙකම මෙම තරග සංචාරය ආරම්භ වීමට පෙර ද 20යි 20 තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් (ඉන්දීය කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව හා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව), ජෛව ආරක්ෂිත බුබුලකින් තවත් බුබුලකට ක්‍රීඩකයින් හුවමාරු කිරීමේ පහසුව සලකා බලා මෙම පියවර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය බැංගලූරුහී දී පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වන්නේ නැහැ.

එය ඉන්දීය හිටපු නායක විරාට් කෝලි ක්‍රීඩා කිරීමට නියමිත තම 100 වැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලට සිදුවිය හැකි හානි වලක්වා ගැනීමේ අරමුණින් තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

පළමු 20යි 20 තරග දෙක ධරම්ශාලා හී දී ද, තෙවැනි 20යි 20 තරගය හා පළමු ටෙස්ට් තරගය මොහාලි හී දී ද පැවැත්වීමට ඉඩ ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සදහන් කළේ.

ඒ අනුව පෙර සැලසුම් කර තිබුණ ද, ලක්නව් ක්‍රීඩාංගනයේ දී කිසිදු 20යි 20 තරගයක් නොපවත්වනු ඇති.

පින්න සහිත කාළගුණ තත්ත්වයෙන් සිදු වන බලපෑම හේතුවෙනුයි මොහාලි හී දී දිවා රාත්‍රී ටෙස්ට් තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

  • මීට පෙර නිකුත් කළ නිල කාලසටහන –

1st Test, Bengaluru – 25th Feb to 1st Mar, 2022
2nd Test, Mohali – 5th Mar to 9th Mar, 2022
1st T20I, Mohali – 13th Mar, 2022
2nd T20I, Dharamshala – 15th Mar, 2022
3rd T20I, Lucknow – 18th Mar, 2022

 

Leave a comment