Ultimate magazine theme for WordPress.

ශකිබ් ටෙස්ට් තරගාවලියට නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ ශකිබ් අල් හසාන් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වසරක තහනම නිම වීමෙන් පසුව ශකිබ් ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය බවට මෙය පත් වනු ඇති.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ඊට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Yasir Ali සහ Hasan Mahmud ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 3 වනදා Chattogram හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad: Mominul Haque (capt), Tamim Iqbal, Shakib Al Hasan, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Mohammad Mithun, Liton Das, Yasir Ali, Saif Hassan, Mustafizur Rahman, Mehidy Hasan Miraz, Taijul Islam, Shadman Islam, Nayeem Hasan, Taskin Ahmed, Abu Jayed, Ebadat Hossain, Hasan Mahmud.

Leave a comment