Ultimate magazine theme for WordPress.

වෝනර් සිය ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනියි

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මාසයේ දී පාකිස්තානය සමග සිඩ්නිහී දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමු දීමට සැලසුම් කර ඇති බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ලබන වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ම සමු ගැනීමට ද වෝනර් සැලසුම් කර තිබෙනවා.

ඔහු ගෙන ඇති මෙම තීරණයත් සමග මෙම මාසයේ දී එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔහු විදෙස් රටකදී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය බවට පත් වනු ඇති.

කෙසේ වෙතත්, ඔහුට තවදුරටත් ටෙස්ට් සංචිතයේ රැදී සිටීමටනම් එළඹෙන අළුබදුන තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට ද වෝනර්ට සිදු වනවා.

Leave a comment