Ultimate magazine theme for WordPress.

වෙනස්කම් කිහිපයක් සමග එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

ලබන මාසයේ සිදු කිරීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් වන එක්දින හා 20යි 20 සංචිත එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(2) නිවේදනය කළා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ටොම් ඇබෙල් ද සීමිත පන්දුවාර සංචිත සදහා නම් කර තිබීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකා සංචාරයේ දී එංගලන්ත ලයන්ස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතව සිටින අතර, මෑතකදී දකුණු අප්‍රිකාවේ SA20 තරගාවලිය සදහා මෙන්ම දෙසැම්බර් මාසයේ දී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඔහු ක්‍රීඩා කළා.

යොවුන් පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් පළමු වරට සීමිත පන්දුවාර ජාතික සංචිතය සදහා නම් කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද් යළි එක්දින සංචිතයට කැදවා ඇති අතර, මෑතකදී යළි ජාත්‍යන්තර පිටියට පිවිසි ජොෆ්ර ආචර් ද සංචිත දෙක සදහාම නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බෙන් ස්ටොක්ස්, හැරී බෘෘක් හා ඔලී ස්ටෝන් බංග්ලාදේශ සංචාරයට නම් කර නැහැ.

එමෙන්ම ඇලෙක්ස් හේල්ස් ද 20යි 20 සංචිතයට නම් කර නොමැති අතර, බෙන් ඩකට් හා විල් ජැක්ස් 20යි 20 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ සංචාරයේ දී දෙරට අතර මාර්තු පළමු වැනිදා සිට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ODI Squad:

Jos Buttler (c), Tom Abell, Rehan Ahmed, Moeen Ali, Jofra Archer, Sam Curran, Saqib Mahmood, Dawid Malan, Adil Rashid, Jason Roy, Phil Salt, Reece Topley, James Vince, Chris Woakes, Mark Wood.

T20I Squad:

Jos Buttler (c), Tom Abell, Rehan Ahmed, Moeen Ali, Jofra Archer, Sam Curran, Ben Duckett, Will Jacks, Chris Jordan, Dawid Malan, Adil Rashid, Phil Salt, Reece Topley, Chris Woakes, Mark Wood.

Leave a comment