Ultimate magazine theme for WordPress.

වසර 3කින් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වන වෙනස අරවින්ද පහදයි

වසර තුනකට පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකාරධූර ඇතුළු නිළධාරීන් පත් කිරීමේ දී එම තනතුරු සදහා ශ්‍රී ලාංකිකයින් පත් කර ගත හැකි වන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

එම වගකීම ටොම් මූඩි සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹුණු ගිවිසුමට ද ඇතුළත් කර ඇති බවයි සභාපතිවරයා සදහන් කළේ.

දේශීය ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීම මෙන්ම ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේ කටයුතු ද ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් මෙම දිනවලදී සිදු කරමින් පවතින බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියා.

මාධ්‍ය හමුවේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

මෙම මාධ්‍ය හමුව සදහා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි, තාක්ෂණික උපදේශක කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් ද එක්ව සිටියා.

Leave a comment